twitterfacebookgoogle pluslinkedinrss feedemail

Pages

Sunday, March 2, 2014

රෙස්ලින් පිටියේ දැවැන්තයින් ► ඩේව් බැටිස්ටා - පළමු කොටස



   ඉහත ඡායාරූපයේ පෙනීසිටින කෙනා කවුද කියලා ඇහුවොත් මම හිතන්නේ ගොඩක් අය දන්නවා මේ කවුද කියන එක.. කාලයක් රෙස්ලින් පිටියේ බොහෝම දැවැන්ත විප්ලවකාරී චරිතයක් වුන මොහුව බොහෝ දෙනා දන්නේ අදුනන්නේ "බැටිස්ටා" කියන නමින්.. ඒ ඔහු WWE රින්ග් එක ඇතුලෙදි භාවිත කරපු නම.. ඉතින් අද මම බලාපොරොත්තු වෙන්නේ මොහුගේ ජීවිතයෙන් විස්තර ටිකක් ඉදිරිපත් කරන්න..

   ඩේවිඩ් මයිකල් "ඩේව්" බාටිස්ටා(David Michael "Dave" Bautista, Jr) ලෙස 1969 ජනවාරි මස 18 වන දින Washington, D.C හිදී මොහු උපත ලැබුවා.. මොහු දක්ෂ නළුවෙක්, මාෂල් සටන්කරුවෙක්, අයෝමය පුරුෂයෙක් වගේම අති දක්ෂ මල්ලවපොර(Wrestling) ක්‍රීඩකයෙක්.. මේ වන විට WWE ආයතනය සමග ගිවිසුමකින් බැඳී සිටින බැටිස්ටා World Heavyweight ශූරතාවය 4 වරකුත් WWE ශූරතාවය දෙවතාවකුත් ජයග්‍රහණය කරමින් 6 වතාවක් ලෝක මල්ලවපොර ශූරයා වෙලා තිබෙනවා.. ඒ වගේමයි ඔහු තමා දැනට වැඩිම කාලයක් World Heavyweight ශූරතාවය ළඟ තබාගත් පුද්ගලයා ලෙස ඉතිහාසගත වන්නේ.. ඒ දින 282ක්.. බැටිස්ටා World Tag Team ශූරතාවය තුන් වතාවකුත්, WWE Tag Team ශූරතාවය එක් වතාවකුත් ජයග්‍රහණය කළා.. ඒ වගේම 2005, 2014 වසරවල රෝයල් රම්බල් තරඟය ජය ගනිමින් Wrestlemania තරඟාවලියේ ප්‍රධානම මුහුණුවර බවට පත් වුනා.. ඒ අතරින් 2005 වසරේ Wrestlemania 21 තරඟාවලිය WWE ඉතිහාසයේ වැඩිම ආදායමක් ඉපයූ Wrestlemania තරඟාවලි අතර දෙවැනි ස්ථානයේ තවමත් රැඳී තිබෙනවා.. එමෙන්ම එය දෙවැනි වන්නේ 2012 වසරේ Wrestlemania 28 තරඟාවලියට පමණකි.. 2012 වසර වනතුරුම වැඩිම ආදායමක් ඉපයූ  Wrestlemania තරඟාවලි අතර එය ප්‍රථම ස්ථානයේ රැඳී සිටීම ඉතාමත්ම සුවිශේෂයි..

  බැටිස්ටාගේ මව වන Donna Raye ග්‍රීක සම්භවයක් ඇති කාන්තාවක් ඒ වගේම පියා වන David Michael Bautista පිලිපීන ජාතිකයෙක්.. කෙසේ නමුත් ඔහු කුඩා කලදීම මවුපියන් දික්කසාද වීම නිසා අපගේ කතානායකයා ගතකලේ ඉතාමත් කටුක ජීවිතයක්.. මොහු කුඩාකල සිටම දිළිඳුකම තුළ ජීවිතය ගතකල අයෙක්.. එනිසාම ඔහු වයස අවුරුදු 13 පටන් වාහන සොරකමින් ජීවත් වෙන්න පුරුදු වුනා.. වයස අවුරුදු 17දි ඔහු සමාජශාලාවක සාමාන්‍ය සේවකයෙකු ලෙස සේවයට බැඳුනා.. ඔහු එම සමාජශාලාවේ සේවය කළා එතන ඇති වූ ගැටුමක් නිසා ඔහු අතින් ආරක්ෂකයන් දෙදෙනෙකුට තුවාල සිදුවීම නිසා ඔහුව සිරභාරයට ගන්නා තුරු.. වසරක පරිවාස කාලයකින් පසු නිදහස් වූ බැටිස්ටා ජීවිත ආරක්ෂකයෙකු ලෙස නැවත තම ජීවිතය ආරම්භ කළා.. ඉන් ලැබුණු මුදලින් ඔහු කායවර්ධන ශිල්පය සඳහා යොමු වුනා..




  බැටිස්ටා රෙස්ලින් ශිල්පය ප්‍රගුණ කරන්න මුලින්ම ඇතුළු වෙන්න උත්සාහ කලේ WCW Power Plant ආයතනයට.. නමුත් අවසානයේ ඔහු Afa Anoa'i's රෙස්ලින් පාසලට ඇතුලත් වුනා..

   ඔහු තම රෙස්ලින් දිවිය ආරම්භ කළා Ohio Valley Wrestling ආයතනයේ ලෙවියාතන්(Leviathan) යන නමින්.. ඒ 2000 වර්ෂයේදී.. ඔහු එහි නොපැරදුණු ශූරයෙක්(Undefeated Champion) ලෙස සිටියා කේන්, ස්ටෝන් කෝල්ඩ්ගේද සහාය ඇතිව ඔහුව පරදවන තුරු.. ඔහු එහිදී OVW Heavyweight ශූරතාවය දිනාගත්තා Doug Basham පරාජය කරමින්.. නමුත් අවසානයේදී ප්‍රොටෝටයිප් (Prototype = John Cena) බැටිස්ටාව පරදවලා ශූරතාවය ලබාගත්තා.. ඉන් මාස කිහිපයකට පසු  බැටිස්ටාව  WWE ආයතනයෙන් මිලදී ගනු ලැබුවා..

   බැටිස්ටා WWE රෙස්ලින් පිටියට අවතීර්ණ වුනේ ඩීකොන් බැටිස්ටා ලෙස 2002 මැයි 9 වෙනිදා ස්මැක්ඩවුන් එකේදී.. ඒ ටැග් ටීම් තරගයකට.. එහිදී බැටිස්ටා හා ඩී වොන්(D-Von) සමග ෆරූක්(Faarooq) හා රැන්ඩි ඕර්ටන් තරඟ වැදුනා.. කෙසේ නමුත් තම පළමු තරඟය ජයගැනීමට තරම් බැටිස්ටා වාසනාවන්ත වුනේ නෑ.. ඉන්පසු ඔහු කවුරුත් දන්නා අසා ඇති ඩේව් බැටිස්ටා යන නමින්(බැටිස්ටා යන කෙටි නමින්) WWE Raw සමග ගිවිදුමකට එළඹ නැවත රෙස්ලින් පිටියට පිවිසුනා..

   2003දී බැටිස්ටා ට්‍රිපල් එච්, රික් ෆ්ලෙයර් හා රැන්ඩි ඕර්ටන් සමග එවලූෂන්(Evolution) කණ්ඩායමට හවුල් වුනා.. Heel රෙස්ලර් කෙනෙක් ලෙස පෙනී සිටි බැටිස්ටා එහිදී රික් ෆ්ලෙයර් සමග ප්‍රථම වතාවට World Tag Team ශූරතාවය ජයග්‍රහණය කළා.. නමුත් අවසානයේ බුකර් ටී හා රොබ් වෑන් ඩැම් ඔවුන් පරදවා ශූරතාවය අත්පත් කරගත්තා..




   2005 වසර එළඹෙන විට බැටිස්ටා පළපුරුදු ශක්තිමත් රෙස්ලර් කෙනෙක් බවට පත්වෙමින් තිබුනා.. ඒ වගේම ඔහු 2005 වසරේ රෝයල් රම්බල් තරඟය ජයග්‍රහණය කරමින් World Heavyweight ශූරතාවයේ තරඟකරුවා බවට පත් වුනා.. අවසානයේ තියුණු තරඟයකින් අනතුරුව ට්‍රිපල් එච්ව පරදවා බැටිස්ටා World Heavyweight ශූරතාවය පළමු වතාවට ජයග්‍රහණය කළා.. ඒ Wrestlemania 21හිදී.. ඉන් පසු බැටිස්ටා රෝව් එකෙන් ස්මැක්ඩවුන් එකට යලිත් පැමිණියා.. 

   ඒ වන විට බැටිස්ටා ඉහලම කීර්තියක් දිනාගනිමින් එවකට හොදම මල්ලවපොර ශූරයා බවට පත්වෙමින් සිටියා.. නමුත් ඒ වන විට World Tag Team ශූරයන් වුන කේන් හා බිග් ෂෝව් බැටිස්ටාට පහර දුන් නිසා ඔහු වරින් වර විවිධ ආබාධ වලට ලක්වුනා.. නමුත් පසුව බැටිස්ටා හා රේ මිස්ටීරියෝ තරඟ කර MNM(ජෝන් මර්කරි, ජොනී නයිට්‍රෝ හෙවත් ජෝන් මොරිසන්, මෙලීනා) පරදවා WWE Tag Team ශූරයන් බවට පත් වුනා.. එහෙත් ඉන් සති 2කට පසුව ඔවුන්ට ඒම ශූරතා අහිමි වුනේ නැවත වරක් MNM මාර්ක් හෙන්රිගේ ආධාරයෙන් ඔවුන් පැරදවීම නිසයි.. එහිදී මාර්ක් හෙන්රි බැටිස්ටාට පහර දුන්නා එමෙන්ම World's Strongest Slam එකක්ද හෙන්රි බැටිස්ටාට එල්ල කළා.. කෙසේ නමුත් නැවතත් බැටිස්ටා, රේ හා MNM සමග Steel Cage තරගයකදී තරඟ වැදුණු අතර එහිදීද මාර්ක් හෙන්රි පැමිණ බැටිස්ටාට හා රේ ට පහර දුන්නා.. ඉන් ඔවුන් නැවත වරක් පරාජයට පත් වුනා..




   2006 ජනවාරි 9 වෙනිදා WWE ආයතනය නිල වශයෙන් නිවේදනය කළා මාර්ක් හෙන්රිගේ පහරදීම නිසා බැටිස්ටාගේ දකුණු අතේ බාහුව ආබාධයකට ලක්වී ඇති බව.. ඒම නිසා WWE ආයතනය ඔහුට බල කළා හෙවිවේට් ශූරතාවය අත්හරින්න කියලා.. එම නිසා බැටිස්ටා WWE ආයතනයෙන් තාවකාලිකව ඉවත්ව ගියා.. එමෙන්ම ඔහු 2006 ජනවාරි මස 12 වෙනිදා සාර්ථක සැත්කමකට මුහුණ දුන්නා..

මතු සම්බන්ධයි..

0 comments:

Post a Comment