twitterfacebookgoogle pluslinkedinrss feedemail

Pages

Unordered List

Sunday, March 16, 2014

♠ ◙ WWE Gossip Updates ► Sting: Undertaker is the only match I want ◙ ♠


    සමහර අය බලාපොරොත්තු වුනා ස්ටින්ග් මේ රෙස්ල්මේනියා එකේදී wwe වලට return වෙයි කියලා.. ඒත් ස්ටින්ග් මේ පාර සම්බන්ධ වෙන්නේ නෑ.. ස්ටින්ග් පවසන විදිහට ඔහු යලිත් තරඟ කරන්නේ අන්ඩර්ටේකර් එක්ක විතරයිලු.. බොහෝවිට 2015 වසරේ Santa Clara හිදී පැවැත්වෙන WrestleMania 31 වලදී ස්ටින්ග් vs ටේකර් මැච් එකක් බලාගන්න පුළුවන් වෙයි.. ස්ටින්ග් ටේකර් සමග රෙස්ල්මෙනියා 31 වලදී තරග කරනවාද කියලා ඔහුගෙන් ප්‍රශ්න කරපු වෙලාවේ ඔහු උත්තර දීලා තියෙන්නේ මෙහෙම,

"I don't know. I really don't know. I can say that I would love for that to happen."

    ඒ වගේමයි ස්ටින්ග් සඳහන් කරලා තියෙන්නේ ඒ ඔහුගේ අවසාන තරඟය කියලා.. ඔහුගෙන් මේ තරඟය සඳහා ටේකර්වම තෝරාගත්තේ ඇයි කියලා විමසූ වෙලාවේ ස්ටින්ග් උත්තර දීලා තියෙන්නේ මේ විදිහට,

"I can tell you that really there's only one more match that I would like to have: Undertaker."

    ඉතින් ඒ අනුව අපිට දැනට නිගමනය කරන්න පුළුවන් බොහෝ දුරට රෙස්ල්මේනියා 31 වලදී ස්ටින්ග් vs ටේකර් මැච් එකක් යන්න පුළුවන් කියන එක.. ස්ටින්ග් අවසාන තරඟය ජයගන්න ලොකු උත්සාහයක් දෙයි.. ඒත් ටේකර්ගේ රෙස්ල්මේනියා streak එක break කරලා දාන්න ඔහුට හැකිවෙයිද කියන එක ප්‍රශ්නයක්.. ඒ මොනා වුනත් අපිට හොඳ මැච් එකක් නම් අනිවා බලන්න පුළුවන් වෙයි.. Legend vs Legend මැච් එකක්..

♠ ◙ WWE Gossip Updates ◙ ♠


◘ වින්ස් තීරණය කරලා තියනවා පන්ක්ව ආයේ WWE ගෙන්වා ගැනීමට උත්සාහ කිරීම අඩුම තරමින් රෙස්ල්මේනියා පහුවෙනකල්වත් අතහැරලා දාන්න.. ඒ වගේම ඔහු වෙහෙසෙනවා පන්ක් එක්ක අලුත් ගිවිසුමකට එළඹිලා ජූලි මාසෙට කලින්වත් ඔහුව ගෙන්වා ගන්න.. ජූලි මාසේ රිටර්න් නොවුනොත් අඩු ගානේ ඊට මාස කිහිපයකට පස්සේ හරි පන්ක් නැවත රිටර්න් වෙන්න බොහෝ දුරට ඉඩ තියනවා..

◘ WrestleMania XXX වලින් පස්සේ WWE එකේ ප්‍රසිද්ධම රෙස්ලර්ලා 5 දෙනෙක් වර්තමානයේ හොදම රෙස්ලර්ස්ලා විදිහට පුෂ් කරන්නයි වින්ස් හිතන් ඉන්නේ.. ඒ පස් දෙනා තමා,

1. John Cena
2. Daniel Bryan
3. Randy Orton
4. Sheamus
5. Roman Reigns

මේ අතරින් සීනා අංක 1 විදිහටත් ඩැනියල් අංක 2 විදිහටත් පුෂ් කරන්න හිතන් ඉන්නවා කියන දේ දැනගන්න ලැබුනා.. ඒ අනුව දැන් WWE එකේ ප්ලෑන්ස් වලට අනුව රෙස්ල්මේනියා එක බොහෝ දුරට ඩැනියල්ට වාසි සහගත වෙන්න පුළුවන් මොකද බැටිස්ටාට දැන් කවුරුත් එච්චර කැමති නෑ(පෞද්ගලිකව මං වැඩියම කැමති එකා) බැටියා ring එකට එද්දිත් ඇහෙන්නේ boo සද්දේ විතරයි ෆේස් වෙලා ආවත් හීල් රෙස්ලර් කෙනෙක් වගේ බැටිස්ටා හැසිරෙන්නෙත්.. අනිත් එක WWE ෆෑන්ස්ලත් බැටිස්ටට boo කියන්නේ ඩැනියල්ට ටයිටල් ෂොට් එකක් නොලැබුන නිසානේ.. අවුරුදු 2ක් කන්ට්‍රැක්ට් සයිග්න් කලාට බැටියා මේ විදිහට වැඩි කාලයක් ඉන්නේ නැති වෙයි.. බොහෝ දුරට රෙස්ල්මේනියා වලදී මේ හැමදෙයක්ම වෙනස් වෙන්නත් පුළුවන්..

◘ අලුතෙන් NXT ඉදන් ආව Alexander Rusev රෙස්ල්මේනියා එකේදී Andre the Giant Memorial Battle Royal එකට සහභාගී වෙන්න නියමිතයිලු.. ඒ වගේම The Miz, Big Show, Brodus Clay, Mark Henry, Great Khali, Rey Mysterio, 3MB, Zack Ryder, Ryback, Big E වගේ රෙස්ලර්ස්ලත් මේ battle royal එකට සහභාගී වෙනවා කියලා rumors ලැබුනා.. ගොඩක් දුරට මේක Rusev දිනන්න ඉඩ තියනවා මොකද Rusev ට WWE එකෙන් හොඳ පුෂ් එකක් ලැබෙයි.. එහෙම නැත්තන් මේක දිනන්න ලොකු අවස්ථාවක් ලැබෙන්න පුළුවන් Big Show ට..

Sunday, March 2, 2014

රෙස්ලින් පිටියේ දැවැන්තයින් ► ඩේව් බැටිස්ටා - පළමු කොටස



   ඉහත ඡායාරූපයේ පෙනීසිටින කෙනා කවුද කියලා ඇහුවොත් මම හිතන්නේ ගොඩක් අය දන්නවා මේ කවුද කියන එක.. කාලයක් රෙස්ලින් පිටියේ බොහෝම දැවැන්ත විප්ලවකාරී චරිතයක් වුන මොහුව බොහෝ දෙනා දන්නේ අදුනන්නේ "බැටිස්ටා" කියන නමින්.. ඒ ඔහු WWE රින්ග් එක ඇතුලෙදි භාවිත කරපු නම.. ඉතින් අද මම බලාපොරොත්තු වෙන්නේ මොහුගේ ජීවිතයෙන් විස්තර ටිකක් ඉදිරිපත් කරන්න..

   ඩේවිඩ් මයිකල් "ඩේව්" බාටිස්ටා(David Michael "Dave" Bautista, Jr) ලෙස 1969 ජනවාරි මස 18 වන දින Washington, D.C හිදී මොහු උපත ලැබුවා.. මොහු දක්ෂ නළුවෙක්, මාෂල් සටන්කරුවෙක්, අයෝමය පුරුෂයෙක් වගේම අති දක්ෂ මල්ලවපොර(Wrestling) ක්‍රීඩකයෙක්.. මේ වන විට WWE ආයතනය සමග ගිවිසුමකින් බැඳී සිටින බැටිස්ටා World Heavyweight ශූරතාවය 4 වරකුත් WWE ශූරතාවය දෙවතාවකුත් ජයග්‍රහණය කරමින් 6 වතාවක් ලෝක මල්ලවපොර ශූරයා වෙලා තිබෙනවා.. ඒ වගේමයි ඔහු තමා දැනට වැඩිම කාලයක් World Heavyweight ශූරතාවය ළඟ තබාගත් පුද්ගලයා ලෙස ඉතිහාසගත වන්නේ.. ඒ දින 282ක්.. බැටිස්ටා World Tag Team ශූරතාවය තුන් වතාවකුත්, WWE Tag Team ශූරතාවය එක් වතාවකුත් ජයග්‍රහණය කළා.. ඒ වගේම 2005, 2014 වසරවල රෝයල් රම්බල් තරඟය ජය ගනිමින් Wrestlemania තරඟාවලියේ ප්‍රධානම මුහුණුවර බවට පත් වුනා.. ඒ අතරින් 2005 වසරේ Wrestlemania 21 තරඟාවලිය WWE ඉතිහාසයේ වැඩිම ආදායමක් ඉපයූ Wrestlemania තරඟාවලි අතර දෙවැනි ස්ථානයේ තවමත් රැඳී තිබෙනවා.. එමෙන්ම එය දෙවැනි වන්නේ 2012 වසරේ Wrestlemania 28 තරඟාවලියට පමණකි.. 2012 වසර වනතුරුම වැඩිම ආදායමක් ඉපයූ  Wrestlemania තරඟාවලි අතර එය ප්‍රථම ස්ථානයේ රැඳී සිටීම ඉතාමත්ම සුවිශේෂයි..

  බැටිස්ටාගේ මව වන Donna Raye ග්‍රීක සම්භවයක් ඇති කාන්තාවක් ඒ වගේම පියා වන David Michael Bautista පිලිපීන ජාතිකයෙක්.. කෙසේ නමුත් ඔහු කුඩා කලදීම මවුපියන් දික්කසාද වීම නිසා අපගේ කතානායකයා ගතකලේ ඉතාමත් කටුක ජීවිතයක්.. මොහු කුඩාකල සිටම දිළිඳුකම තුළ ජීවිතය ගතකල අයෙක්.. එනිසාම ඔහු වයස අවුරුදු 13 පටන් වාහන සොරකමින් ජීවත් වෙන්න පුරුදු වුනා.. වයස අවුරුදු 17දි ඔහු සමාජශාලාවක සාමාන්‍ය සේවකයෙකු ලෙස සේවයට බැඳුනා.. ඔහු එම සමාජශාලාවේ සේවය කළා එතන ඇති වූ ගැටුමක් නිසා ඔහු අතින් ආරක්ෂකයන් දෙදෙනෙකුට තුවාල සිදුවීම නිසා ඔහුව සිරභාරයට ගන්නා තුරු.. වසරක පරිවාස කාලයකින් පසු නිදහස් වූ බැටිස්ටා ජීවිත ආරක්ෂකයෙකු ලෙස නැවත තම ජීවිතය ආරම්භ කළා.. ඉන් ලැබුණු මුදලින් ඔහු කායවර්ධන ශිල්පය සඳහා යොමු වුනා..




  බැටිස්ටා රෙස්ලින් ශිල්පය ප්‍රගුණ කරන්න මුලින්ම ඇතුළු වෙන්න උත්සාහ කලේ WCW Power Plant ආයතනයට.. නමුත් අවසානයේ ඔහු Afa Anoa'i's රෙස්ලින් පාසලට ඇතුලත් වුනා..

   ඔහු තම රෙස්ලින් දිවිය ආරම්භ කළා Ohio Valley Wrestling ආයතනයේ ලෙවියාතන්(Leviathan) යන නමින්.. ඒ 2000 වර්ෂයේදී.. ඔහු එහි නොපැරදුණු ශූරයෙක්(Undefeated Champion) ලෙස සිටියා කේන්, ස්ටෝන් කෝල්ඩ්ගේද සහාය ඇතිව ඔහුව පරදවන තුරු.. ඔහු එහිදී OVW Heavyweight ශූරතාවය දිනාගත්තා Doug Basham පරාජය කරමින්.. නමුත් අවසානයේදී ප්‍රොටෝටයිප් (Prototype = John Cena) බැටිස්ටාව පරදවලා ශූරතාවය ලබාගත්තා.. ඉන් මාස කිහිපයකට පසු  බැටිස්ටාව  WWE ආයතනයෙන් මිලදී ගනු ලැබුවා..

   බැටිස්ටා WWE රෙස්ලින් පිටියට අවතීර්ණ වුනේ ඩීකොන් බැටිස්ටා ලෙස 2002 මැයි 9 වෙනිදා ස්මැක්ඩවුන් එකේදී.. ඒ ටැග් ටීම් තරගයකට.. එහිදී බැටිස්ටා හා ඩී වොන්(D-Von) සමග ෆරූක්(Faarooq) හා රැන්ඩි ඕර්ටන් තරඟ වැදුනා.. කෙසේ නමුත් තම පළමු තරඟය ජයගැනීමට තරම් බැටිස්ටා වාසනාවන්ත වුනේ නෑ.. ඉන්පසු ඔහු කවුරුත් දන්නා අසා ඇති ඩේව් බැටිස්ටා යන නමින්(බැටිස්ටා යන කෙටි නමින්) WWE Raw සමග ගිවිදුමකට එළඹ නැවත රෙස්ලින් පිටියට පිවිසුනා..

   2003දී බැටිස්ටා ට්‍රිපල් එච්, රික් ෆ්ලෙයර් හා රැන්ඩි ඕර්ටන් සමග එවලූෂන්(Evolution) කණ්ඩායමට හවුල් වුනා.. Heel රෙස්ලර් කෙනෙක් ලෙස පෙනී සිටි බැටිස්ටා එහිදී රික් ෆ්ලෙයර් සමග ප්‍රථම වතාවට World Tag Team ශූරතාවය ජයග්‍රහණය කළා.. නමුත් අවසානයේ බුකර් ටී හා රොබ් වෑන් ඩැම් ඔවුන් පරදවා ශූරතාවය අත්පත් කරගත්තා..




   2005 වසර එළඹෙන විට බැටිස්ටා පළපුරුදු ශක්තිමත් රෙස්ලර් කෙනෙක් බවට පත්වෙමින් තිබුනා.. ඒ වගේම ඔහු 2005 වසරේ රෝයල් රම්බල් තරඟය ජයග්‍රහණය කරමින් World Heavyweight ශූරතාවයේ තරඟකරුවා බවට පත් වුනා.. අවසානයේ තියුණු තරඟයකින් අනතුරුව ට්‍රිපල් එච්ව පරදවා බැටිස්ටා World Heavyweight ශූරතාවය පළමු වතාවට ජයග්‍රහණය කළා.. ඒ Wrestlemania 21හිදී.. ඉන් පසු බැටිස්ටා රෝව් එකෙන් ස්මැක්ඩවුන් එකට යලිත් පැමිණියා.. 

   ඒ වන විට බැටිස්ටා ඉහලම කීර්තියක් දිනාගනිමින් එවකට හොදම මල්ලවපොර ශූරයා බවට පත්වෙමින් සිටියා.. නමුත් ඒ වන විට World Tag Team ශූරයන් වුන කේන් හා බිග් ෂෝව් බැටිස්ටාට පහර දුන් නිසා ඔහු වරින් වර විවිධ ආබාධ වලට ලක්වුනා.. නමුත් පසුව බැටිස්ටා හා රේ මිස්ටීරියෝ තරඟ කර MNM(ජෝන් මර්කරි, ජොනී නයිට්‍රෝ හෙවත් ජෝන් මොරිසන්, මෙලීනා) පරදවා WWE Tag Team ශූරයන් බවට පත් වුනා.. එහෙත් ඉන් සති 2කට පසුව ඔවුන්ට ඒම ශූරතා අහිමි වුනේ නැවත වරක් MNM මාර්ක් හෙන්රිගේ ආධාරයෙන් ඔවුන් පැරදවීම නිසයි.. එහිදී මාර්ක් හෙන්රි බැටිස්ටාට පහර දුන්නා එමෙන්ම World's Strongest Slam එකක්ද හෙන්රි බැටිස්ටාට එල්ල කළා.. කෙසේ නමුත් නැවතත් බැටිස්ටා, රේ හා MNM සමග Steel Cage තරගයකදී තරඟ වැදුණු අතර එහිදීද මාර්ක් හෙන්රි පැමිණ බැටිස්ටාට හා රේ ට පහර දුන්නා.. ඉන් ඔවුන් නැවත වරක් පරාජයට පත් වුනා..




   2006 ජනවාරි 9 වෙනිදා WWE ආයතනය නිල වශයෙන් නිවේදනය කළා මාර්ක් හෙන්රිගේ පහරදීම නිසා බැටිස්ටාගේ දකුණු අතේ බාහුව ආබාධයකට ලක්වී ඇති බව.. ඒම නිසා WWE ආයතනය ඔහුට බල කළා හෙවිවේට් ශූරතාවය අත්හරින්න කියලා.. එම නිසා බැටිස්ටා WWE ආයතනයෙන් තාවකාලිකව ඉවත්ව ගියා.. එමෙන්ම ඔහු 2006 ජනවාරි මස 12 වෙනිදා සාර්ථක සැත්කමකට මුහුණ දුන්නා..

මතු සම්බන්ධයි..

Saturday, November 30, 2013

SLEW ගෘපයේ ආරම්භය..



   සාමාන්‍යයෙන් නිතරම බුකිය පැත්තේ යන ගොඩක් අය දකිනවා ඇති බුකිය දැන් තනිකරම රෙස්ලින් කියන පැත්තටම ඇදිලා යනවයි කියන එක.. ඒක ඇත්ත.. අද වෙනකොට බුකියේ රෙස්ලින් ගෘප් වැහි වැහැලා.. ඒත් ඔය හැම ගෘප් එකෙන්ම නියම කාර්යයක් කෙරෙනවා දකින්න ලැබෙනවා අල්පයි.. ඉතින් ඒ හැම ගෘප් එකක් අතරෙම වර්තමානේ වෙනකොට ගොඩක් කතාබහට ලක්වෙන ගෘප් එකක් තමා අපේ එක්ස්ට්‍රීම් ගෘප් එක.. මේක පටන් අරගෙන තාම මාසයක්වත් නෑ.. ඒ වුනත් අද වෙනකොට අපි ලොකු පියවරක් ඉදිරියට තියලා අවසන්..

   මේ ගෘප් එක හදන්න මූලික වුනා ගෘප් 2ක්.. එකක් තමා මාස 5කට කිට්ටු වෙන්න අනිත් ගෘප් වලට ලොකු ගේමක් දුන්න SLWF එහෙම නැත්නම් ගොඩක් දෙනා දන්නා පරිදි බලකාය.. අනිත් එක තමා අලුතෙන් රෙස්ලින් පවුලට එකතු වුනත් හොඳ ජවයකින් ගේමට බැහැලා හිටිය ඊගල් ගෘප් එක.. ඉතින් අපි දෙගොල්ලන්ගේ පරණ දැනහැඳුනුම්කම් හා ලොකු ජවයකින් ලොකු ශක්තියකින් ඉදිරියට යන්න පුළුවන්කම ලැබෙන්න වගේම අපේම කියලා ගෘප් එකක් බුකියේ ඉහලින්ම තියන්න ඕන වුන නිසයි මේ ගෘප් එක 2013 නොවැම්බර් 16 වෙනිදා රෙස්ලින් පවුලට එකතු වුනේ..




   අපි පටන් ගත්ත මුල් දවසේ ඉඳන්ම ගොඩක් ක්‍රියාශීලීව අපේ ඉලක්ක වලට යන්න පටන් ගත්තා.. දවස ගානේ ගෘප් එකේ පෝස්ට් වැටුනා.. දවස ගානේ මෙම්බර්ස්ලා ඇඩ් කළා.. කලට වෙලාවට ගෘප් එකේ මැච් ටික දැම්මා.. අපරාදේ කියන්න බෑ මේ සැරේ අපේ සර්වයිවර් සීරිස් එක අපිට හිතුවටත් වඩා හොඳට කරගන්න පුළුවන් වුනා.. ඒ වගේමයි නොවැම්බර් 30, ඒ කිව්වේ ඊයේ වෙනකොට ගෘප් එකේ මෙම්බර්ස්ලා 20000 කරන්නත් අපිට පුළුවන් වුනා.. ඒක ඇත්තටම අපි ලබපු ලොකුම ජයග්‍රහණයක්.. මීට මාස ගානකට කලින් පටන් ගත්ත ගොඩක් ගෘප් තියනවා තාමත් මෙම්බර්ස්ලා 10000 සීමාවේ.. මෙම්බර්ස්ලා 15000 යාන්තමට හරි පැන්නුවේ එහෙමටත් ගෘප් එකක් තමා.. ඉතින් ඒ ඉලක්කේ අපිට දවස් 14කින් ඉවර කරන්න ලැබුන එක මට ලැබුන ලොකු සතුටක්..




   TLC, එහෙමත් නැත්නම් ටේබල්ස්, ලැඩර්ස්, චෙයාර්ස් කියන්නේ දෙසැම්බර් මාසේ පේ පර් වීව් ඉවෙන්ට් එක.. ඒක ලොකු මුහුණුවරකින් කරන්නයි අපේ අදහස වෙලා තියෙන්නේ.. ගොඩක් අය විභාගේ කරන නිසා මේ ඉවෙන්ට් එක අපි දෙසැම්බර් 18න් පස්සේ තියන්න තීරණය කළා.. අපිට මේ ගමනේදී බාධාවක් වුන හැමකෙනෙක්ටම අපිට දෙන්න පුළුවන් හොඳම ප්‍රති උත්තරේ අපි ඉදිරි 3 ඇතුලතදී ලබා දෙන්න සූදානම්..

   ඉතින් මේකයි අපේ ඉතිහාසේ.. බොහොම පොඩි එකක් වුනාට ලොකු වැඩ කන්දරාවක් සිද්ද වුනා මේ ටික කාලේදී.. අපේ ගෘප් එකේ ඇඩ්මින්ලා හැමකෙනෙක්ම මට නන් අයුරින් සහය වුනා අපේ ඉදිරි ගමන සාර්ථක එකක් කරන්න.. තව ටික කාලෙකින් SLEW කොයි තරම් ඉදිරියෙන් තියේවිද කියලා ඔබටම හිතාගන්න පුළුවන්.. අපේ ගෘප් එකේ සුපර්ස්ටාර් කෙනෙක් විදිහට එකතු වෙන්න කැමති කෙනෙක් ඉන්නවා නම් මගේ, ඒ කිව්වේ බැටිස්ටා එකවුන්ට් එකට මැසේජ් එකක් දාන්න.. එහෙම නැත්නම් අපේ ගෘප් එකේ COO වෙන සින් කාරා එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්.. එහෙනම් ඉදිරි පෝස්ට් වලින් මුණගැහෙමු.. ජය වේවා.. සුභ අනාගතයක්..